You cannot copy content of this page
ඉදිරි ජනාධිපතිවරණයට දෙමළ – මුස්ලිම් අපේක්‍ෂයෙක්

ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම ජනාධිපතිවරයාගේ අත්තනෝමතික සහ ඒකපාර්ශවීය හැසිරීම මත තීරණය වන තත්වයක් උදා වී ඇත. එළැඹෙන ජනාධිපතිවරණයේදී යළිත් වතාවක් තරඟ කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අභිලාෂයක් ඇත අතර, ඒ සඳහා පිලක් තෝරාගැනීමේ උභතෝකෝටිකය හමුවේ අසරණ වී සිටියි. ජනාධිපතිවරයා විවිධ උපක‍්‍රම තෝරමින් කටයුතු කිරීමෙන් රට තුළ විවිධ අර්බුද මතුවෙමින් පවතී.


පොහොට්ටුවේ පිලෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුමක් ඇති අතර බොහෝවිට චමල් රාජපක්‍ෂ මහතා ඔවුන්ගේ අපේක්‍ෂකයා වීමට ඉඩ ඇත.


එක්සත් ජාතික පක්ෂ අපේක්‍ෂකයා පිළිබඳ විවිධ ඉඟි පළවන අතර, සජිත් පේ‍්‍රමදාස මහතාට එජාපය තුළ ප‍්‍රබල ඉල්ලූමක් පවතින බව පෙනෙන්නට ඇත. ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමට නියමිත ය. තිබෙන තත්ත්වය අනුව දෙමළ මුස්ලිම් නියෝජනය කරන අපේක්‍ෂකයෙක් ද ඉදිරිපත් වීමේ ඉඩකඩ වැඩි ය.

දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *