You cannot copy content of this page
උද්ඝෝෂකයින් සිරිකොතේමයි

උසස්වීම් වලට අදාලව නියමිත වැටුප් නොලැබීම පිළිබඳ විරෝධය දක්වන ජාතික සේවක සංගමය සාමාජිකයින් සාකච්ඡා මඟහැර කටයුතු කිරීම නිසා විසඳුමකට ඒමට තවමත් නොහැකිව ඇත.

සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ රැඳී සිටින වැටුප් ගැටලූවට විරෝධය දක්වන කණ්ඩායම තුලද, මතගැටුම් ඇතිව තිබෙන අතර, එක් කණ්ඩායමක් පක්‍ෂ මහලේකම්වරයා සමඟ සාකච්ඡාවන්ට සූදානම් වනවිට තවත් කණ්ඩායමක් ඊට විරෝධය පලකිරීම නිසා පක්‍ෂ මහලේකම් සමඟ සාකච්ඡාවන් සිදු නොවීය.

දයා ගමගේ අමාත්‍යවරයා ද සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වුව ද, ඊට අකමැතිවූ මෙම පිරිස සිරිකොතේ රැඳී සිටිමින් විරෝධය දක්වන අයුරු දැකගන්නට ලැබිණි.

මහලේකම් හා ප‍්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවට දයා ගමගේ අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයට ජාතික සේවක සංගමයෙන් ද යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැත.

උණුසුම් පුවත්, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *