You cannot copy content of this page
කැබිනෙට්ටුව – නැත

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය උග‍්‍රවීම නිසා සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව අද නොපැවැත්වෙයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාව තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් නව අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට නොඑන බව ජනාධිපතිවරයා අනතුරු හඟවා තිබිණි. හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ කල ප‍්‍රකාශයක් නිසා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගැනීමට පෙළඹීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයක් පිළිබඳව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනුවත්ව සිටිබවට රට තුළ මතයක් ඇතිවී තිබෙන අතර රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ඉල්ලා අස්වීමට ද ජනාධිපතිවරයාගේ බලපෑම හේතු වී ඇති බව පැවසෙ යි.

කෙසේ වුව ද තේරීම් කාරක සභාව දිගටම පැවැත්වීමට තීරණය කර ඇති අතර අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවක් පැවැත්වෙන දිනයක් ද නැත.

දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *