You cannot copy content of this page
මගෙ කටවහන්න මිලියන 500 දෙන්න හැදුවා

සහරාන්ලාගේ කටයුතු පිළිබඳව කතා නොකිරීමට රුපියල් මිලියන 500 ක් තමාට දීමට රාජපක්‍ෂ ආණ්ඩුවේ ‘‘ෂලේ’’ නැමැති බුද්ධි අංශ නිලධාරියා තමා හමු වූ බවට අසාද් සාලි ඊයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කළ ප‍්‍රකාශයෙන් රට තුළ ආන්දෝලනයක් ඇතිව තිබේ.

අන්තවාදී කටයුතු වල යෙදෙමින් කරනු ලබන ක‍්‍රියාවන් පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළද, පිළිගත හැකි ප‍්‍රතිචාරයක් නොලැබුනු බවත්, අසාද් සාලි ඊයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ප‍්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නවත්වන ලෙසත් ඉන් තමාගේ ප‍්‍රතිරූපයට හානි වන බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට ද දෝසාරෝපණ කර තිබිණි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඛණ්ඩව රැස්වීමට නියමිත ය.

දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *