You cannot copy content of this page
රිෂාඩ්,සාලිට සහ හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට දුන් කාලය අදින් අවසන්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලිට මෙන්ම එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි භාර ගැනීම අදින් අවසන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ඒ අනුව ඔවුන්ට එරෙහිව තවත් පැමිණිලි ඇත්නම් පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා අද දිනයේත් ඒ සඳහා පත් කළ කමිටුවට ඉදිරිපත් කළ හැකි ය.

ඊයේ දිනය වන විට පැමිණිලි 11 ක් එම කමිටුවට ලැබී තිබූ අතර, ඉන් 7 ක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිවයි ඉදිරිපත්ව ඇත්තේ. හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලිට සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට එරෙහිව පිළිවෙලින් පැමිණිලි 3 ක් සහ එක් පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *