You cannot copy content of this page
හිස්බුල්ලා ගැන ශ‍්‍රීලනිප යේ මතභේද

හිස්බුල්ලාගේ ප‍්‍රශ්ණයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ අලූත් මතහේදයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

හිස්බුල්ලා සහ මුස්ලිම් අන්තවාදී සංවිධාන අතර ඇති සම්බන්ධය මෙන්ම මෑතදී ඔහුකළ ප‍්‍රකාශයද ජාතිවාදී එකක් බවත් ඉන් රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවත් මන්ත‍්‍රීවරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කරුණු දක්වා ඇත.

විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු හිස්බුල්ලා දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස නම් කිරීමට ජනාධිපතිවරයාගත් තීරණය ද වැරදි සහගත එකක් බව මෙම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර ඇත.

හිස්බුල්ලාට ආණ්ඩුකාරධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම්දීම මුලින්ම යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වූ බව ද මෙම මන්ත‍්‍රීවරු සිහිපත් කර ඇත.

දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *