You cannot copy content of this page
වැඩබලන ඇමැතිවරුන් පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි – අගමැතිගෙන් ජනපතිට ලියුමක්

පසුගියදා ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන්ගෙන් පුරප්පාඩු වූ අමාත්‍යංශ 3 කට වැඩ බලන ඇමතිවරුන් තිදෙනෙකු පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

පසුගිය ජූනි මස 03 වෙනිදා රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍යංශ 4 ක් සඳහා රාජිත සේනාරත්න, මලික් සමරවික‍්‍රම සහ රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමතිවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත පසුගිය සතියේදී යවා ඇති බව වාර්තා විය.

ඒ අනුව කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස් වී ඇති අවස්ථාවක එම අමාත්‍යංශයන්හි වැඩ බලන ඇමතිවරුන් පත් කළ නොහැකි බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව එම පත් කිරීම් ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙන්වා දෙමින් අග‍්‍රාමාත්‍යවරයා විසින් අදාල ලිපිය මඟින් කරුණු පෙන්වා දී ඇත්තේය.

එසේම ඇමතිවරුන් පත් කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔවුන්ගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතුව ඇති බවත්ල තමා එවැනි නිර්දේශ කිරීමක් සිදුකර නොමැති බවත් එම ලිපිය මඟින් දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේයග

දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *