You cannot copy content of this page
ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සම්බන්ධ සංචාරක සීමා ලිහිල් කරයි

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, සංචාරක සීමා ලිහිල් කළ ද මෙරට මාධ්‍ය වාර්තා පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බව ය.

මෙරට සංචාරය කරන විට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ගැන සෑම විටම දැනුවත්ව සිටිය යුතු බව ද ඔස්ට්‍රේලියානු රජය පුරවැසියන්ට දැනුම් දී තිබේ.

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක් එම රටවල පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සීමා පනවනු ලැබුවේ අප්‍රේල් 21 වන දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙනි

උණුසුම් පුවත්, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *