You cannot copy content of this page
ගුවන් යානයක් හදිසියේ මත්තලට ගොඩබස්වයි

කටුනායක ජාත්‍යත්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක් හදිසියේ මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.

ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.

මත්තල ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ, ඕමාන් ඩබ්ලිව්.වයි 371 මගී ගුවන් යානය එලෙස ගොඩබස්වා ඇති බව ය.

එහි සිටින මගීන් ගණන 58කි.

කාලගුණය යහපත් වූ විගස යළි එම ගුවන් යානය කටුනායක බලා පියාසර කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *