You cannot copy content of this page
තේරීම්කාරක සභාව නැවතෙයි ?

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව පත්කර ඇති තේරීම් කාරක සභාව තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද යන කාරණය පිළිබඳව ආණ්ඩුවේම මත දෙකක් පැවතීම නිසා තේරීම් කාරක සභාව පවත්වාගෙන යාම පිළිබදව අවිනිශ්චිත තත්ත්වයක් ඇතිව තිබේ.


දැනට තේරීම් කාරක සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙක් තේරීම් කාරක සභාව පවත්වාගෙන නොයා යුතුය යන ස්ථාවරයේ සිටින බව දැනගන්නට ඇත.


තේරීම් කාරක සභාව නැවැත්විය යුතුය යන දැඩි ස්ථාවරයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිටින අතර මේ තත්ත්වය මත එ.ජා.ප ය තුළද, ජනාධිපතිවරයාගේ මතයට එකඟ කීප දෙනෙක් සිටින බවට වාර්තා වේ.

දේශපාලන, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *