You cannot copy content of this page
පන්නල ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

පන්නල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක අද (13) අළුයම ගින්නක් හටගෙන ඇත.

පන්නල ඉරබඩගම ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක අද අළුයම 1.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

ගින්න පැතිර යනු දුටු ආරක්ෂක අංශ නිලධාරියෙක් ඒ පිළිබඳව ගිනි නිවීම් අංශ වෙත දැනුම්දී තිබුණි.

පසුව මීගමුව සහ කුරැණෑගල ගිනි නිවීම් අංශ නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ අතර අප වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන වනවිටත් ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සිදුකෙරෙමින් පැවති බවයි.

මෙම කර්මාන්තශාලාවේ සේවකයින් 3000ක් පමණ රැකියාවේ නිරතව සිටින අතර ගින්න හටගත් අවස්තාවේදී  එහි කිසිදු සේවකයෙක් සේවයේ නිරතව සිට නැත

උණුසුම් පුවත්, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *