You cannot copy content of this page
මාධ්‍යවේදී ලසන්ත සහ වසීම් තාජුඩීන් ඝාතන පරීක්‍ෂණ උඩට

මහත් ආන්දෝලනයට තුඩු දුන් අපරාධ 04 ක් සම්බන්ධ පරීක්‍ෂණ වහාම කඩිනම් කරන ලෙස වැඩ බලන පොලිස් පරීක්‍ෂකවරයාට නීතිපති නියෝග කර ඇතැයි, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මහත්මිය සඳහන් කර සිටී.


ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ මුතුර් Action Farm රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම යනාදි සිද්ධීන්ට අදාළ පරීක්‍ෂණවල අනිසි ප‍්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා විසින් නිරීක්‍ෂණය කර තිබේ.

උණුසුම් පුවත්, දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *