You cannot copy content of this page
චමල් – ජනාධිපති අපේක්‍ෂක

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සහ රාජපක්‍ෂ පවුල නියෝජනය කරමින් හිටපු කතානායකවරයෙක් වන චමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තා වේ.


පසුගිය පාලන සමයේදී රාජපක්‍ෂ පවුලේ සාමාජිකයින් හා ඔවුන්ගේ හිතවතුන් නීතියට පටහැනිව සහ අයුතු ලෙස කටයුතු කිරීමෙන් නීතිය ඉදිරියේ වගඋත්තරකරුවන් වී ඇත.


කිසිත් චෝදනාවක් නැති රාජපක්‍ෂවරයා ලෙස චමල් රාජපක්‍ෂවරයා ලෙස සැලකේ. ඔහුගේ පවුලේ දරුවන්ට ද බලගතු චෝදනා නැති අතර, හිටපු මහඇමතිවරයෙක් සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයෙකු ද වන චමල් රාජපක්‍ෂගේ වැඩිමහල් පුත් ශෂින්‍ද්‍ර රාජපක්‍ෂට විරුද්ධව දේවාලය සතු ඉඩම් සමාගම් වලට සහ හිතවතුන්ට බදු දීම සම්බන්ධයෙන් යම් චෝදනා නැගුනි.


මේ වනවිට කිසිදු මතගැටුමක් නැතිව ජනාධිපති අපේක්‍ෂකත්වය සඳහා සුදුස්සා ලෙස පොහොට්ටුව පාර්ශවයෙන් චමල් රාජපක්‍ෂ හට පිළිගැනීමක් ඇත.


චමල් රාජපක්‍ෂ මහතා ජනාධිපති වුවහොත් නාමල් රාජපක්‍ෂට වඩා ශෂීන්‍ද්‍ර රාජපක්‍ෂට තැනක් හිමිවෙතැයි යන බියක් ද රාජපක්‍ෂ පවුලේම ඇතැම් සාමාජිකයින් සහ සමීපතමයින් අතර සැකයක් ද ඇතිව තිබෙන බව දැනගන්නට ඇත.

දේශපාලන, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *