You cannot copy content of this page
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හෘදය සාක්ෂිය

‘‘ජනාධිපතිවරයකු වනවාට වඩා ලෝකය තුළ සාමය ස්ථාපිත වනවා දකින්නට මම කැමැත්තෙමි’’
හැරී එස් ටෲමන් – ඇමරිකානු ජනාධිපතිවරයෙකි
ඉහත සඳහන් හැරී එස්. ටෲමන් ගේ ප‍්‍රකාශය පිළිගන්නේදැයි අප රටේ ජනාධිපතිධූරය අපේක්‍ෂාවෙන් සිටින්නෙකුගෙන් ඇසුවහොත් ඔවුන් දෙන පිළිතුර කුමක් විය හැකිද? ඔවුන්ගේ පිළිතුර කුමක්විය හැකි වුවත් ඔවුන් අතරින් වැඩිදෙනෙකුගේ හෘදය සාක්ෂිය ඔවුන්ටම පිළිතුරු දෙනු ඇත්තේ ලෝක සාමයට වඩා තමන්ට මේ රටේ ජනාධිපතිධූරය උතුම් බව ය.
එය ඔවුන්ගේ හෘදය සාක්ෂිය මිස ඔවුන් දෙන පිළිතුර නම් නොවේ.


එහෙත් දැනට එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා යැයි රාවයක් පවතින වත්මන් කථානායක කරූ ජයසූරිය මහතාගේ පිළිතුර නම් අනෙක් අයගේ හෘදය සාක්ෂියෙන් නැගෙන පිළිතුරුවලට වඩා පටහැනි වනු නිසැක ය.
මක්නිසාදයත් කරූ ජයසූරිය කතානායකතුමාගේ හෘදය සාක්ෂියත්, එතුමාගේ භාෂාවත් එකක්ම විය හැකි බව එතුමන් විසින්ම නොයෙක්වර සනාථ කරනු ලැබ ඇති බැවිනි.


හමුදා නිලධාරියෙකු ලෙසිත්, තානාධිපති ධුරයන් වලත් කලක් කටයුතු කර ඇති කරූ ජයසූරිය මහතා ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයෙහි ද සිය කැපවීම පෙන්නුම්කර ඇත්තේ අවංකකම සිය ප‍්‍රතිරූපයට ආභරණයක් කරගනිමින් ය.


කරූ ජයසූරිය වත්මන් කතානායකතුමන් මුලින්ම සක්‍රීය දේශපාලනයට ප‍්‍රවිෂ්ට වන්නේ කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරමින් කොළඹ පුරපතිධූරයට පත්වීමෙනි.


තානාපතිධූරටයන්ගෙන් සහ පක්‍ෂයේ ප‍්‍රබලයන් සමඟ සිටිය කෙනෙකි.
සිය ජාතිකත්වය, අදහන ආගම සහ හෙළ සංස්කෘතිය කෙරෙහි ඉමහත් ඇල්මක් සහ භක්තියක් දැක්වූ කරූ ජයසූරිය මහතා දේශපාලනය තුළ සිංහල බෞද්ධයෙකු සතු සුවිශේෂී අනන්‍යතාවය රැුකගත් නමුදු අන්‍යාගමිකයින් හෝ අන්‍ය ජාතින්ගේ සිත් රිදවීමකින් ක‍්‍රියා කරනු ලබන ජාතිවාදියෙකු නොවී ය. ජාතිවාදියකු නොවී ජාතිකත්වය රැුකගනිමින් ස්වකීය දේශපාලන භාවිතය වඩාත් මානව හිතවාදී ලක්‍ෂණවලින් පරිපූර්ණ කරගත් කරූ ජයසූරිය සිය වත්මන් කථානායක භූමිකාව තුළදී යුක්තිය සහ සාධාරණත්වය මෙන්ම ඍජු බව ද ආරක්‍ෂා කරගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා ඉටුකළ මෙහෙවර දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ඇගයීමට ලක්විය.
විශේෂයෙන්ම ‘‘මනුෂ්‍යත්වය’’ උදෙසා එතුමන්ගේ බැඳියාව වඩාත් තිරසාර වූද, කිසිසේත්ම බිඳිය නොහැකි වූද බැඳීමකි. කිසිවිටෙක, කිසිවෙකුට අපහාස නින්දා නොකළ එතුමන්ගේ දේශපාලන භාවිතය තුළ එතුමන් සෑමවිටම හෘදය සාක්ෂියට අනුව කටයුතු කළ බැව් කීමට අටුවාටීකා ටිප්පණි අවැසි නැත.
ඉන්දීය මහා කවි රවීන්‍ද්‍රනාත් තාගෝර් නම් වූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයාණන්, කලාකරුවාණන් ‘‘මනුෂ්‍යත්වය’’ අරබයා සඳහන් කළ මෙම ප‍්‍රකාශය දෙස බලන්න.
‘‘ඇත්තෙන්ම උත්තම ගුණයෙහිලා සැලකිය හැකි පරමාදර්ශයක් සම්බන්ධ කර නැති කාලය හා අවකාශය මනුෂ්‍යයන් මත මනුෂ්‍යත්වය තැන්පත් කරයි. මෙම පරමාදර්ශයක් ස්වකීය මනෝභාවය තුළට උකහාගත් මිනිසුන් හට කිනම් තත්ත්වයන් යටතේ වුව ද තමන්ගේ විශිෂ්ටත්වය අඛණ්ඩවම පවත්වාගෙන යා හැකි ය.


මහා කවි රවීන්‍ද්‍රනාත් තාගෝරයන්ගේ එම ප‍්‍රකාශයට අනුව එහි ඇති සාරාර්ථය කරූ ජයසූරිය නම් වූ විශිෂ්ටත්වයේ මිනිසාට ගැලපිය නොහැක්කේ ද? සැබැවින්ම ගැලපිය හැක්කේ ය. සැබැවින්ම මනුෂ්‍යයින් තුළ මනුෂ්‍යත්වය රෝපණය කරනු ලබන්නේ කාලය සහ අවකාශය යි. මෙම පරමාදර්ශය සිය මනසෙහි තැන්පත් කරගන්නා ඕනෑම මිනිසෙකුට තමන්ගේ විශිෂ්ටත්වය නොකඩවාම පවත්වාගත හැකිය යන එම අදහස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමන් තුළ ගැබ්ව ඇත්තේ එදා මෙදාතුර එතුමන්ගේ මනුෂ්‍යත්වයේ දේශපාලනය භාවිතය අබමල් රේණුවකින්වත් නොනැසී පැවතීම යි.
එය එතුමන් සතු ප‍්‍රතිරූපයේ අචල අනන්‍යතාව බව පැවසුවහොත් එය සාවද්‍ය නොවේ. සෑමවිටම යුක්තිය සහ සාධාරණය පැත්තේ සිට ගන්නා ලක්‍ෂණය මෙන්ම රටට, ජාතියට, ආගමට ඇති ආදරය, භක්තිය මහා සංඝරත්නය ද පිළිගන්නා සත්‍යයකි. එතුමන්ට සිංහල-දෙමළ-මුස්ලිම්, බර්ගර් ආදිවාසීන් ඇතුළු සමස්ත ජාතිකත්වයෙන්ම එකසේ ලෙන්ගතුවන බව සියල්ලෝම දන්නා කාරණයකි.


ශ්‍රේෂ්ඨ බුද්ධ භාෂිතයට අනුව සතුරන් නැති කිසිවකු මේ දියත මත නැති බැවින් එතුමන්ට ද එය පොදු ය. බි‍්‍රතාන්‍ය ගුවන් විදුලියේ ඊඊක්‍ මාධ්‍යවේදියෙකු ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් නැගුනු කල්හි එතුමන් ඊට උත්තර දුන්නේ සියල්ලන්ගේ ඉල්ලීම් ලැබෙතොත් එය සලකා බලනු මිස අන්සතු උරුමයන් තමන් කිසිසේත්ම උදුරානොගන්නා බව යි. එයම එතුමන් සතු මනරම් දේශපාලනයට නිදර්ශනමය ප‍්‍රකාශයක් නොවේ ද?
‘‘මේ ලෝකය යන හැටියට අවංක මිනිසෙකු සොයාගත හැක්කේ දස දහසකින් එකෙකු ලෙසිනි’’ – විලියම් ශේක්ස්පියර්

මහිම සුජීව ගමගේ
දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *