You cannot copy content of this page
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවේ සංචාරයක

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කෙටි නිල සංචාරයක් සඳහා ඉන්දියාව වෙත පැමිණි ඇත. කෙසේ නමුත් අදාළ සංචාරයට එරෙහිව නවදිල්ලි නුවර අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්විය.

ඉන්දියාව, රුසියාව සහ ඉරානය සමගින් දිගුකාලයක් තිස්සේ පවත්වන ආරක්ෂක හා බලශක්ති සබදතා පිළිබද ඉන්දීය නායකයන් සමග සාකච්ඡා කිරීම පොම්පෙයෝගේ මෙම සංචාරයේ අරමුණයි. සංචාරය අරඹමින් නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා පැවැත්වීමට පොම්පෙයෝ කටයුතු කළේය.

අගමැති මෝදි පසුගිය මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව එරට සංචාරය කළ පළමු විදෙස් නායකයා පොම්පෙයෝ වේ. පොම්පෙයෝ ඉන්දියාව වෙත පැමිණියේ ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර වෙත සිදුකළ හදිසි සංචාරයකින් අනතුරුවයි

කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර අමෙරිකානු ආනයන මත නව බදු පැනවීමට ඉන්දියාව කටයුතු කළේ. ඒ බදු රහිතව අමෙරිකානු වෙළෙදපොළ වෙත භාණ්ඩ අපනයන කිරීමට ඉන්දියාවට ලබාදී තිබූ සහනය ඉවත්කිරීමට අමෙරිකාව කටයුතු කිරීමෙන් පසුවයි.

පොමපෙයෝගේ සංචාරය අතරතුර මේ සම්බන්ධවත් සාකච්ඡා කෙරෙනු ඇතැයි ඇතැම් පාර්ශ්ව අදහස් දක්වා තිබුණි. මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයට එරෙහිව ඉන්දියාවේ  විරෝධතා සංවිධාන වී තිබුණ. ඒ සදහා විපක්ෂයේ පක්ෂ 6ක සහාය හිමිව තිබීමද විශේෂයි.

උණුසුම් පුවත්, දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *