You cannot copy content of this page
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා දිවයිනේ සංචාරයක

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. අද පෙරවරුවේ දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් සිරිල් රමපෝසා මහතා ඇතුළු එරට නියෝජිත පිරිසක් කටුනායක ගුවන්තොටුපලට ළඟා වූ බවයි.

ජී 20 සමුළුව සඳහා සහභාගී වීමට ජපානයේ ඔසාකා නුවර බලා යමින් සිටින අතරතුර කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙලෙස මෙරටට පැමිණ ඇත.

 සිරිල් රමපෝසා මහතා පිළිගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ නියෝජිත පිරිසක් කටුනායක ගුවන්තොටුපලට පැමිණ සිටියේය.

දේශපාලන, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *