You cannot copy content of this page
සිංහයින් සහ කොදෙව්වන් අතර තරඟය අදයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර තරඟය අද (01) පැවැත් වේ.

තරඟාවලියේ 39 වන තරඟය වන මෙය ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අටවන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රි ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ හත්වන ස්ථානයයි.

මේ අතර පසුගිය තරඟවලදී මැද පෙළ පිතිකරුවන් දැක්වු දුර්වල ක්‍රිඩා විලාශය හේතුවෙන් අද දිනයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ක්‍රීඩා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *